Saturday, December 17, 2016

සැබෑ ආදරය

සැබෑ ආදරයනම් රැවටීමකි,නොරැවටුන්නන් සිටී නම් ඔවුන් නියම වාසනාවන්තයන් වෙයි.වර්තමානයේ සැබෑ ආදරය යනු හුදෙක් අවශ්‍යතාවක් පමණි,රැවටෙන්නන් අවසානයේ කොළ කැබැල්ලේ සිතුවම් කල බන්දනයට තමන්ගේ මනුසත් හැගීම් ප්‍රමුඛ කොට මහා සම්භාරයක් වගකීම් ඉටු කරනවා පමණි,එය සැබෑ ආදරය යැයි බොහෝ දෙනා සිතුවත් එය සැබැවින්ම තමන් ලද දුර්ලභ මනුසත් භාවය අග තැන්පත් කොට සැබෑ මිනිසෙකු ගැහැණියෙකු ලෙස සසර ගමනේ තවත් පරිච්ඡේදයක් ඉවර කිරීමට උපකාරයක් පමණි.සැබෑ ආදරය ඇඳින ගැනීමටද ඔබ සැබෑ වාසනාවන්තයෙකු විය යුතුය,එසේ සැබෑ ආදරය හදුනා ගත පුද්ගලයෙකු වූ පමණින් ඔහු හෝ ඇය සැබෑ ආදරයට හිමිකම් නොකීමද දෛවයේ මහා සරදමකි.සැබෑ ආදරය ජිවිතයේ හමු වන්නේ එක් වතාවක් පමණි.නැවතත් සැබෑ ආදරය හමු වූ යැයි ඔබ කොතරම් සිතුවත් ඔබේ සිත පළමු ආදරයෙන් දූෂ්‍යය වී අහවරය.එබැවින් තමන්ගේ ආදරය නිසි ලෙස අඳුනාගෙන එය රැක ගැනීමට සමතෙකු වී නම් ඔහුත් ඇයත් ඉතාමත් වාසනාවන්තය.මෙය ලියන මාද දිනක ආදරයේ ලද පරාජයෙන් සැබෑ ආදරය මෙය යැයි ප්‍රත්‍යක්ෂ කර ගත් තවත් අවසනාවන්තයෙකු මිස සැබෑ ආදරවන්තයෙකු නොවේ.නමුදු සැබෑ ආදරය අඳුනා ගැනීමද ජයග්‍රහණයකි .ඔබේ වටිනා ආදරය නිකරුනේ අන් සතු නොකරන්න. 

සැබෑ ආදරය -චින්තක කුලරත්න  .

No comments:

Post a Comment

Pain of Togetherness

  =×=×=×=×=×=×=×=×=×=×=×=×=×=×=×= It's a nice combo the evening and beach Where I heard your voice the first time Seeing the farthest re...